මුහුදු තණපිටිවලට නරක කාලයක්

බ්‍රිතාන්‍ය දූපත් අවට මුහුදේ තිබෙන "මුහුදු පැළෑටි තණ බිම්" අනතුරුදායක තත්ත්වයට පත්වී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ ගැන සිදු කළ පුළුල් පරීක්‍ෂණයකින් අනතුරුව ස්වෝන්ඩී විශ්වවිද්‍යාලයේ ආචාර්ය රිචර්ඩ් අන්ස්වෝර්න් ප්‍රකාශ කරන්නේ බෝට්ටු බැඳ තැබීම සහ පාරිසරික දූෂණය නිසා වසරකට 7%ක වේගයෙන් මුහුදු පැළෑටි අඩුවෙමින් තිබෙන බවයි.

බ්‍රිතාන්‍ය  දූපත් අවට මුහුදේ තිබෙන "මුහුදු පැළෑටි තණ බිම්" අනතුරුදායක තත්ත්වයට පත්වී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ ගැන සිදු කළ පුළුල් පරීක්‍ෂණයකින් අනතුරුව ස්වෝන්ඩී විශ්වවිද්‍යාලයේ ආචාර්ය රිචර්ඩ් අන්ස්වෝර්න් ප්‍රකාශ කරන්නේ බෝට්ටු බැඳ තැබීම සහ පාරිසරික දූෂණය නිසා වසරකට 7%ක වේගයෙන් මුහුදු පැළෑටි අඩුවෙමින් තිබෙන බවයි. බි්‍රතාන්‍යය, වේල්සය හා අයර්ලන්තය අවට මුහුදේ ස්ථාන 11ක සිදු කළ පරීක්‍ෂණවලින් අනතුරුව ඔහු ප්‍රකාශ කරන්නේ ඉහළ මට්ටමේ නයිට්‍රජනීය අපද්‍රව්‍යවලින් මේ හානිය වැඩි වශයෙන්ම එල්ල වී තිබෙන බවයි. පරීක්‍ෂණයට එක්වූ තවත් පර්යේෂකයකු වන කාර්ඩිස් විශ්වවිද්‍යාලයේ බෙන්ජමින් ජෝන්ස් ප්‍රකාශ කරන්නේ මුහුදු පැළෑටි බිම් මුහුදු ජීවීන්ගේ නිජබිම් වශයෙන් ඉතා අගනා පාරිසරික මෙහෙවරක් ඉටු කරන බවයි. කෘෂි කාර්මික සහ කාර්මික අපද්‍රව්‍ය ලෙස පොළොවට එකතුවන නයිට්‍රජනීය අපද්‍රව්‍ය ජලය හරහා මුහුදට එක්වීම මේ සඳහා බලපාන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

Comments

Popular posts from this blog

ත‍්‍රිමාණ මුද්‍රණය ලෝකය වෙනස් කරයිද?

නැනෝ තාක්ෂණය යනු කුමක්ද ?

අඹ ශාකයේ පත්‍රවලින් දියවැඩියා ඖෂධයක් !!!