Posts

Showing posts from April, 2017

ත‍්‍රිමාණ මුද්‍රණය ලෝකය වෙනස් කරයිද?

Image
ත‍්‍රිමාණ මුද්‍රණය පුදුම සහගතය. ත‍්‍රිමාණ ඩිජිටල් ගොනුවක් (වස්තුවක රූපයක්) භාවිතා කර එම ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය සැබෑ සත්‍ය භෞතික වස්තුවක් ලෙස මෙම ත‍්‍රිමාණ මුද්‍රණය මඟින් ලබා ගත හැකිය. මෙය පහසු අදියර දෙකකින් ක‍්‍රියාත්මක වේ.පළමු පියවර අන්තර්ජාලයෙන් සොයා ගත් හෝ ඔබ විසින් නිර්මාණය කල ත‍්‍රිමාණ ඩිජිටල් වස්තුවක රූපය සකසා ගැනීමයි. දෙවන පියවර එම ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය වෙත යොමු කර ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය මඟින් එය සැබෑ සත්‍ය භෞතික වස්තුවක් ලෙස මුද්‍රණය කිරීමයි. මෙහිදී සිදුවන්නේ ඔබගේ ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය ඉතා තුනී ස්ථර (තල කැබලි /ඉතා සිහින් කඩදාසි ඝනකමට කැපු තීරු ) ලෙස ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය හඳුනාගෙන එම තුනී ස්ථර (තල කැබලි /ඉතා සිහින් කඩදාසි ඝනකමට කැපු තීරු ) එක මත එක ස්ථරය සිටින සේ ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රයෙන් මුද්‍රණය කිරීම මඟින් වස්තුව සැබෑ ලෙස ගොඩනැගීමයි. උදා: පිපිඤ්ඤා ගෙඩියක් කඩදාසි පිටුවකට වඩා සිහින් ඝනකම සහිත තීරුවලට කපා එම තීරුවල ස්කෑන් රූප වෙනත් අමුද්‍රව්‍යයකින් එක තීරුවක් මත අනෙක් තීරුව වශයෙන් මුද්‍රණය කර වෙනත් අමුද්‍...

නැනෝ තාක්ෂණය යනු කුමක්ද ?

Image
වානරයාගෙන් ඇරඹුනාසේ සැලකෙන මිනිස් ශිෂ්ඨාචාරයේ නොයෙක් යුග පසු කරමින් යන ගමනේදී එම එක් එක් යුග වලදී ඇති වූ සො‍යා ගැනීම් හා වැඩිදියුණු වීම් තුල ඊට අදාල එක් එක් ක්ෂේත්‍රයන් තුල පරිවර්ථනාත්මක වෙනස් වීම් ඇති විය. එඩේර යුගය, ගොවි යුගයන් වලදී සිදුවූ සොයාගැනීම් වල විශාල වෙනසක් 1800 න් පසු යුරෝපය හරහා ඇති වූ කාර්මික විප්ලවයත් සමග ඇති විය. 1780 සිට 1950 දක්වා ඇති වූ පලමු, දෙවන හා තුන්වන කාර්මික විප්ලව මගින් ක්ෂේත්‍ර ගනණාවක සාධනීය වෙනසක් ඇති වූ අතර 1950 සිට ඇමෙරිකාවේ සිලිකන් නිම්නය ලෙස හදුන්වන කැලිෆෝණියාව හා ජපානය ආශ්‍රිතව ඇති වූ සිව්වන කාර්මික විප්ලවයත් තුලින් පරිගණක හා ඉලෙක්ට්‍රොණික ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති විය. 20 වන සියවසේ අගභාගය වන විට තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය හා ජාන තාක්සණය වෙන් වෙන්ව විශාල දියුණුවක් ඇති කර ගනී‍. දැන් අප පිවිසෙන්නේ කාර්මික විප්ලවයේ පස්වන අධියරටයි. එහිදී නැනෝ තාක්ෂණය කරලියට පැමිණේ. මෙහි විශේෂත්වය පෙර වකවානු වලදී සිදුකල සොයා ගැනීම් වලින් ඊට අදාල එක් එක් ක්ෂේත්‍රයන් පමණක් දියුණු වූ අතර නැනෝ තාක්ෂණය දියුණුවත් සමග සියළු ක්ෂේත්‍ර වල දියුණුවක් අපේක්ෂා කරයි. ඊට අම...

අඹ ශාකයේ පත්‍රවලින් දියවැඩියා ඖෂධයක් !!!

Image
දියවැඩියාව යනු කුමක්ද? රැධිරයේ ඇති වන සමාන්‍ය ප්‍රමාණයට වැඩි ග්ලූකොස් තත්වය දිය වැඩියාව ලෙස හැදින්වේ. සිරැරේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝ ස්‍රාවයේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමකින් දියවැඩියාව ඇති වේ. ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනයකි. ඉන්සියුලින් රැධිරයේ ඇති ග්ලූකෝස් ශක්තිය ලබා ගැනීම සදහා සෛල තුලට ඇතුලු වීමට උපකාරී වේ. එමගින් රැධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කරයි. දියවැඩියාවේ විවිධ වර්ග 1 වන වර්ගයේ දියවැඩියාව අග්න්‍යාශයේ නිපදවන බීටා සෛල විනාශ වීම නිසා වෛරස ආසාදනයක් නිසා ස්වප්‍රතිශක්තී පද්ධතියේ වෙනසක් නිසා සිදුවේ.මෙය ඇතිවන් විශේෂයෙන් ළමාඅවධියේදීය.                                                                         ...

රසවත් ලෙස විද්‍යාව ඉගෙන ගන්නේ කෙසේද?

Image
විද්‍යාව සරල හා රසවත් ලෙස ඉගැන්වීමේ අවශ්‍යතාවය හා එහිදී පැන නගින ගැටළු නිසා එසේ කිරීම අත්හල යුතුද යන්න විමසමින් ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ විද්‍යා ගුරුවරයෙකු  වු ටයිල ඩීවිට් විද්‍යාව ප්‍රචලිත කිරිමට උපකාරී වන    අදහස් කිහිපයක්  Ted  කථාහි ඉදිරිපත් කර තිබේ. විද්‍යා පෙළපොත් රචනයේදී භාෂාමය හා වෘත්තිමය සීමාවන් සහ සම්බාධක නිසා ඒවායේ විද්‍යා පාඩම් ද්විතියික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට බොහෝ විට තේරුම් ගැනීමට අපහසු හෝ නීරස විය හැකිය. එමඟින් විද්‍යාව ඉගෙනීමට පසුබට වන දරුවා නැවත විද්‍යාව ඉගෙනීමට යොමු කිරීම පහසු කාර්යයක් නොවේ. මෙහිදී විද්‍යාව සරලව ඉගැන්වීම සඳහා අන්තර්ජාලය සුවිශේෂ සම්පතක් ලෙස භාවිතා කළ හැකි වීම වාසනාවකි. විවිධ විද්‍යාත්මක සංකල්ප ආකර්ශණීය සජීව හා කාටුන් චරිත වල සරල රඟ දැක්වීමක් මඟින් ත්‍රාසජනක කථා, විහිළු (ප්‍රහසන) කථා, ආදර්ශ කථා, ප්‍රායෝගික කථා ,  ක්‍රියාකාරකම් ලෙස ඉදිරිපත් කළ හැකිය. ඉදිරියේදී විද්‍යාවේ බොහෝ සංකල්ප සරලව විග්‍රහ කරන ඉහත ස්වරූපයේ රංගන හා ක්‍රියා ඇතුලත් අන්තර්ජාල Wikipedia  වන් නිර්මාණය වනු ඇත. දැනටමත් ද්විතියික අධ්‍යාපනයේ යෙදෙ...