නූතන විද්‍යා දියුණුවේ අභිරහස කුමක්ද?

විද්‍යාඥයන් තමන්ගේ දැනුම් සම්භාරය වැඩි කරගන්න අවට ලෝකයේ දේවල් ගැන ගැඹුරින් පර්යේෂණය කරනවා. උදාහරණෙකට, සමහර විද්‍යාඥයන් පරමාණුවක ක්‍රියාකාරිත්වය ගැන හදාරද්දී තවත් අය විශ්වයේ ආරම්භය තේරුම්ගන්න අවුරුදු බිලියන ගණන් ආපස්සට යනවා. විශ්වයේ ඇසට නොපෙනෙන දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කරද්දී සමහර විද්‍යාඥයන් හිතන්නේ බයිබලයේ සඳහන් දෙවියන් ඉන්නවාද නැද්ද කියන එකට සාක්ෂිත් හොයාගන්න පුළුවන් වෙයි කියලයි. කියලා අමීර් ඩී. ආක්සෙල් සඳහන් කළා. ඉන් එක් කෙනෙක් ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. ඔහු මෙහෙම කිව්වා. “විශ්වය දිහා බැලුවාම දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට සාක්ෂි නැති නිසා දෙවියන් ඉන්න විදිහක් නැහැ.” තවත් අය කියන්නේ බයිබලයේ සඳහන් දෙවියන් කළා කියලා කියන දේවල් “මැජික් එකක්” නැත්නම් “ඇස් බැන්දුමක්” කියලයි. * මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න. අවට ලෝකය ගැන ස්ථිර නිගමනවලට එන්න පුළුවන් තරමටම විද්‍යාව දියුණු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බැහැ නේද? විද්‍යාව අතිවිශාල දියුණුවක් ලබලා තිබුණත් හුඟක් විද්‍යාඥයන් පිළිගන්නවා දන්නේ නැති දේවල් සහ දැනගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා කියලා. ...