Posts

ත‍්‍රිමාණ මුද්‍රණය ලෝකය වෙනස් කරයිද?

Image
ත‍්‍රිමාණ මුද්‍රණය පුදුම සහගතය. ත‍්‍රිමාණ ඩිජිටල් ගොනුවක් (වස්තුවක රූපයක්) භාවිතා කර එම ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය සැබෑ සත්‍ය භෞතික වස්තුවක් ලෙස මෙම ත‍්‍රිමාණ මුද්‍රණය මඟින් ලබා ගත හැකිය. මෙය පහසු අදියර දෙකකින් ක‍්‍රියාත්මක වේ.පළමු පියවර අන්තර්ජාලයෙන් සොයා ගත් හෝ ඔබ විසින් නිර්මාණය කල ත‍්‍රිමාණ ඩිජිටල් වස්තුවක රූපය සකසා ගැනීමයි. දෙවන පියවර එම ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය වෙත යොමු කර ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය මඟින් එය සැබෑ සත්‍ය භෞතික වස්තුවක් ලෙස මුද්‍රණය කිරීමයි. මෙහිදී සිදුවන්නේ ඔබගේ ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය ඉතා තුනී ස්ථර (තල කැබලි /ඉතා සිහින් කඩදාසි ඝනකමට කැපු තීරු ) ලෙස ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය හඳුනාගෙන එම තුනී ස්ථර (තල කැබලි /ඉතා සිහින් කඩදාසි ඝනකමට කැපු තීරු ) එක මත එක ස්ථරය සිටින සේ ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රයෙන් මුද්‍රණය කිරීම මඟින් වස්තුව සැබෑ ලෙස ගොඩනැගීමයි. උදා: පිපිඤ්ඤා ගෙඩියක් කඩදාසි පිටුවකට වඩා සිහින් ඝනකම සහිත තීරුවලට කපා එම තීරුවල ස්කෑන් රූප වෙනත් අමුද්‍රව්‍යයකින් එක තීරුවක් මත අනෙක් තීරුව වශයෙන් මුද්‍රණය කර වෙනත් අමුද්‍

නැනෝ තාක්ෂණය යනු කුමක්ද ?

Image
වානරයාගෙන් ඇරඹුනාසේ සැලකෙන මිනිස් ශිෂ්ඨාචාරයේ නොයෙක් යුග පසු කරමින් යන ගමනේදී එම එක් එක් යුග වලදී ඇති වූ සො‍යා ගැනීම් හා වැඩිදියුණු වීම් තුල ඊට අදාල එක් එක් ක්ෂේත්‍රයන් තුල පරිවර්ථනාත්මක වෙනස් වීම් ඇති විය. එඩේර යුගය, ගොවි යුගයන් වලදී සිදුවූ සොයාගැනීම් වල විශාල වෙනසක් 1800 න් පසු යුරෝපය හරහා ඇති වූ කාර්මික විප්ලවයත් සමග ඇති විය. 1780 සිට 1950 දක්වා ඇති වූ පලමු, දෙවන හා තුන්වන කාර්මික විප්ලව මගින් ක්ෂේත්‍ර ගනණාවක සාධනීය වෙනසක් ඇති වූ අතර 1950 සිට ඇමෙරිකාවේ සිලිකන් නිම්නය ලෙස හදුන්වන කැලිෆෝණියාව හා ජපානය ආශ්‍රිතව ඇති වූ සිව්වන කාර්මික විප්ලවයත් තුලින් පරිගණක හා ඉලෙක්ට්‍රොණික ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති විය. 20 වන සියවසේ අගභාගය වන විට තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය හා ජාන තාක්සණය වෙන් වෙන්ව විශාල දියුණුවක් ඇති කර ගනී‍. දැන් අප පිවිසෙන්නේ කාර්මික විප්ලවයේ පස්වන අධියරටයි. එහිදී නැනෝ තාක්ෂණය කරලියට පැමිණේ. මෙහි විශේෂත්වය පෙර වකවානු වලදී සිදුකල සොයා ගැනීම් වලින් ඊට අදාල එක් එක් ක්ෂේත්‍රයන් පමණක් දියුණු වූ අතර නැනෝ තාක්ෂණය දියුණුවත් සමග සියළු ක්ෂේත්‍ර වල දියුණුවක් අපේක්ෂා කරයි. ඊට අම

අඹ ශාකයේ පත්‍රවලින් දියවැඩියා ඖෂධයක් !!!

Image
දියවැඩියාව යනු කුමක්ද? රැධිරයේ ඇති වන සමාන්‍ය ප්‍රමාණයට වැඩි ග්ලූකොස් තත්වය දිය වැඩියාව ලෙස හැදින්වේ. සිරැරේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝ ස්‍රාවයේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමකින් දියවැඩියාව ඇති වේ. ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනයකි. ඉන්සියුලින් රැධිරයේ ඇති ග්ලූකෝස් ශක්තිය ලබා ගැනීම සදහා සෛල තුලට ඇතුලු වීමට උපකාරී වේ. එමගින් රැධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කරයි. දියවැඩියාවේ විවිධ වර්ග 1 වන වර්ගයේ දියවැඩියාව අග්න්‍යාශයේ නිපදවන බීටා සෛල විනාශ වීම නිසා වෛරස ආසාදනයක් නිසා ස්වප්‍රතිශක්තී පද්ධතියේ වෙනසක් නිසා සිදුවේ.මෙය ඇතිවන් විශේෂයෙන් ළමාඅවධියේදීය.                                                                                        2වන වර්ගයේ දියවැඩියාවමෙය හේතු සාධක කිහිපයක් නිසා ඇතිවේ.මෙම හේතු සාධක වැලැක්වීමෙන් මෙම අවස්ථාව වලක් වා ගත හැක.       ගර්භනී අවධියේදී ඇති වන දියවැඩියාව ගර්භනී අවස්ථාවේදී ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා ඇතිවේ.දරැවා ප්‍රසූත කිරීමෙන් පසුව මෙම තත්වය නැවත යථා තත්වයට පත්වේ. දිවැඩියාව ඇති වීමට වයස්භෙදයක් නැති අතර සතුන්ට පවා ඇති විය හැක. දියව

රසවත් ලෙස විද්‍යාව ඉගෙන ගන්නේ කෙසේද?

Image
විද්‍යාව සරල හා රසවත් ලෙස ඉගැන්වීමේ අවශ්‍යතාවය හා එහිදී පැන නගින ගැටළු නිසා එසේ කිරීම අත්හල යුතුද යන්න විමසමින් ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ විද්‍යා ගුරුවරයෙකු  වු ටයිල ඩීවිට් විද්‍යාව ප්‍රචලිත කිරිමට උපකාරී වන    අදහස් කිහිපයක්  Ted  කථාහි ඉදිරිපත් කර තිබේ. විද්‍යා පෙළපොත් රචනයේදී භාෂාමය හා වෘත්තිමය සීමාවන් සහ සම්බාධක නිසා ඒවායේ විද්‍යා පාඩම් ද්විතියික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට බොහෝ විට තේරුම් ගැනීමට අපහසු හෝ නීරස විය හැකිය. එමඟින් විද්‍යාව ඉගෙනීමට පසුබට වන දරුවා නැවත විද්‍යාව ඉගෙනීමට යොමු කිරීම පහසු කාර්යයක් නොවේ. මෙහිදී විද්‍යාව සරලව ඉගැන්වීම සඳහා අන්තර්ජාලය සුවිශේෂ සම්පතක් ලෙස භාවිතා කළ හැකි වීම වාසනාවකි. විවිධ විද්‍යාත්මක සංකල්ප ආකර්ශණීය සජීව හා කාටුන් චරිත වල සරල රඟ දැක්වීමක් මඟින් ත්‍රාසජනක කථා, විහිළු (ප්‍රහසන) කථා, ආදර්ශ කථා, ප්‍රායෝගික කථා ,  ක්‍රියාකාරකම් ලෙස ඉදිරිපත් කළ හැකිය. ඉදිරියේදී විද්‍යාවේ බොහෝ සංකල්ප සරලව විග්‍රහ කරන ඉහත ස්වරූපයේ රංගන හා ක්‍රියා ඇතුලත් අන්තර්ජාල Wikipedia  වන් නිර්මාණය වනු ඇත. දැනටමත් ද්විතියික අධ්‍යාපනයේ යෙදෙන දරුවන් සඳහා විද්‍යාව සරලව හා රසව

නූතන විද්‍යා දියුණුවේ අභිරහස කුමක්ද?

Image
විද්‍යාඥයන් තමන්ගේ දැනුම් සම්භාරය වැඩි කරගන්න අවට ලෝකයේ දේවල් ගැන ගැඹුරින් පර්යේෂණය කරනවා. උදාහරණෙකට, සමහර විද්‍යාඥයන් පරමාණුවක ක්‍රියාකාරිත්වය ගැන හදාරද්දී තවත් අය විශ්වයේ ආරම්භය තේරුම්ගන්න අවුරුදු බිලියන ගණන් ආපස්සට යනවා. විශ්වයේ ඇසට නොපෙනෙන දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කරද්දී සමහර විද්‍යාඥයන් හිතන්නේ බයිබලයේ සඳහන් දෙවියන් ඉන්නවාද නැද්ද කියන එකට සාක්ෂිත් හොයාගන්න පුළුවන් වෙයි කියලයි. කියලා අමීර් ඩී. ආක්සෙල් සඳහන් කළා. ඉන් එක් කෙනෙක් ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. ඔහු මෙහෙම කිව්වා. “විශ්වය දිහා බැලුවාම දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට සාක්ෂි නැති නිසා දෙවියන් ඉන්න විදිහක් නැහැ.” තවත් අය කියන්නේ බයිබලයේ සඳහන් දෙවියන් කළා කියලා කියන දේවල් “මැජික් එකක්” නැත්නම් “ඇස් බැන්දුමක්” කියලයි.   * මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න. අවට ලෝකය   ගැන ස්ථිර නිගමනවලට එන්න පුළුවන් තරමටම විද්‍යාව දියුණු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බැහැ නේද? විද්‍යාව අතිවිශාල දියුණුවක් ලබලා තිබුණත් හුඟක් විද්‍යාඥයන් පිළිගන්නවා දන්නේ නැති දේවල් සහ දැනගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා කියලා. නොබෙල් ත්

අපට විද්‍යාව අවශ්‍ය වන්නේ ඇයි ?

Image
විද්‍යාව කියන්නේ “භෞතික විශ්වයේ ඇති දේවල ස්වභාවය ගැන නිරීක්ෂණ, පර්යේෂණ සහ තර්කණ ආදියෙන් ලබාගන්නා ක්‍රමවත් දැනුම” කියලා ශබ්දකෝෂයක කියලා තියෙනවා. මේ විදිහට පර්යේෂණ පවත්වන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. සමහර වෙලාවට කලකිරෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රතිඵල දැනගන්න සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් විද්‍යාඥයන්ට බලාගෙන ඉන්නත් වෙනවා. ඔවුන්ගේ මහන්සිය වතුරේ යන වෙලාවල් තිබුණත් හුඟක් වෙලාවට ඔවුන්ගේ වෑයම මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණ කීපයක් බලන්න. යුරෝපයේ එක ආයතනයකින් වැඩි දියුණු කළ වතුර පෙරන ෆිල්ටරයක් ප්ලාස්ටික් විශේෂයකින් නිපදෙව්වා. ඒ නිසා අපිරිසිදු වතුර බීමෙන් ඇති වෙන ලෙඩ රෝග වළක්වගන්න පුළුවන් වෙලා තියෙනවා. හයිටිවල 2010දී සිද්ධ වුණ භූමිකම්පාව වගේ ස්වාභාවික විපත් සිද්ධ වුණ අවස්ථාවලදී මේවා පාවිච්චි කළා. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය, ඒ කියන්නේ GPS කියලා අවකාශයේ චන්ද්‍රිකා ජාලයක් සකස් කරලා තියෙනවා. මුලින්ම මේක සකස් කළේ යුධ අවශ්‍යතා සඳහායි. ඒත් දැන් රිය පදවන්නන්ට, ගුවන් නියමුවන්ට, නාවිකයන්ට වගේම කඳු තරණය කරන අයට ඔවුන්ගේ මඟ හොයාගන්න GPS උදව් වෙනවා. පහසුවෙන්ම තමන්ට යන්න ඕන තැනට යන්

මානව හර පද්ධති සහ විද්‍යා අධ්‍යාපනය

Image
ලෝකය හා මිනියා පිළිබඳ අපේ අවබෝධය විද්‍යාවෙන් ප්‍රශ්න කෙරෙන නමුත් විද්‍යාව පදනම් වන්නේ අපේ එදිනෙදා ජීවිතයේ වටිනාකම් මත බව දැන ගැනීම වැදගත්ය. ඇත්තවශයෙන්ම විද්‍යාව යනු කීප අංශයකින් බලන කල සාධුගුණය, උද්‍යෝගීබව, සාධාරණය, කුතුහලය, නව අදස්වලට විවෘත භාවය, සංශයවාදී බව, පරිකල්පනය වැනි උසස් කොට සැලකෙන ඇතැම් මානව වටිනාකම් ක්‍රමානුකූලව උපයෝජනය  කිරීමයි. මෙම වටිනාකම් නිර්මාණය කළෝ විද්‍යාඥයෝ නොවෙති.  අනික එම වටිනාකම් දරා සිටින්නෝද ඔවුන්ම පමණක් නොවෙති. එහෙත් විද්‍යාවේ පුළුල් ක්ෂේත්‍ර‍ය ඒවා අනුගත කරගන්නා අතර ඒවා අවධාරණය කරයි. එමෙන්ම මිනිසාගේ දැනුම හා සුබ සිද්ධිය ඉදිරියට ගෙන යාම පිණිස ඒවා කොපමණ නම් වැදගත්ද යන්න ද විද්‍යාව ප්‍රබෝධාත්මකව ප්‍රදර්ශනය කරයි. විශේෂයෙන්ම විද්‍යා අධ්‍යාපනය මෙකී වටිනාකම් හා ආකල්ප  අතුරෙන් තුනක් එනම් කුතුහලය, නව අදස්වලට විවෘත භාවය සහ දැනුවත් සංශයවාදී බව පෝෂණය කිරීමෙහි ලා බලවත් ස්ථානයක පසුවෙයි. කුතුහලය (curiosity) විද්‍යාඥයෝ කුතුහලය ආශාවෙන් ඉදිරියට ගෙනයති. ළමුන්ද එසේමය. ළමුන් පාසලට ඇතුල්වන්නේ අසන, දකින සියල්ල ගැන ප්‍රශ්න වැලක් රැගෙන එමිනි. ඒවාට පිළිතුරු සෙවීම